මුලතිව්, මාන්කුලම් තුනුක්කායි ප්රදේශයේ රාජ්ය නොවන සංවිධානයක් විසින් යුද සමයේ වලදමන ලද බිම්බෝම්බ ඉවත් කරමින් සිටියදී වලදමා තිබූ බිම් බෝම්බයක් පුපුරා යාමෙන් සිව් දෙනෙකු ලබා තිබෙනවා.
තුනුක්කායි පොලීසිය සඳහන් කළේ එම රාජ්ය නොවන සංවිධානයේ සේවයේ නිරත සේවිකාවන් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බවයි.
යුදසමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වලදමන ලද බිම් බෝම්බයක් ඉවත් කිරීමේ කටයුතුවල නිරතව සිටින අදාල රාජ්ය නෙවන සංවිධනයේ බිම් බෝම්බයක් ඉවත් කිරීමේ කටයුතුවල නිරතව සිටි සේවිකාවන් සිව් දෙනෙකු මෙලෙස තුවාල ලබා තිබෙනවා.
බෝම්බය පිපිරීමෙන් බරපතල තුවාල ලැබූ අදාල කාන්තාවන් සිව් දෙනා මාන්කුලම් මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා කිලිනොච්චිය මහරෝහලට මාරුකොට යැවීමට පියවර ගෙන ඇති බව තුනුක්කායි පොලීසිය වැඩිදුරටත් පවසනවා.