ඓතිහාසික ශ්රී දළදා මළිගාව තුළ විවාහ පූර්ව ඡායාරූප රූගත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
මෙම සිදුවීමේදී දළදා මැදුර තුළ හේවිසි මණ්ඩපය, අම්බරාව ඇතුළු ස්ථාන ගණනාවක මෙම යුවළ ඡායාරූප වලට පෙනී සිට තිබෙන බවයි වාර්තාවන්නේ.
ශ්රී දළදා මාලිගාව තුළ මෙවැනි ආකාර සිදුවීමක් සිදුවී තිබෙන බව තමන්ට ද දැන ගන්නට ලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් පොලීසියට දැනුම් දීමක් කළ බවත් දියවඩන නිළමේ ප්රදීප් නිලංග දෑල මහතා පවසනවා.
ප්රකාශයක් සටහන් කර ගැනීම සඳහා මහනුවර පොලිසිය විසින් අදාළ යුවළ අද(08) පොලිසියට කැඳවා තිබුණි.