Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් ගෙන දුන් නෙත්ම් දිවයිනට

6 months ago 1.6 K

ස්පාඤ්ඤයේ දී පැවැති වයස අවුරුදු 20න් පහළ මල්ලවපොර ලෝක ශූරතාවලියේ කි.ග්‍රෑ. 53 බර පන්තියේ ලෝඩක පදක්කම දිනාගත් නෙත්මි අහිංසා ප්‍රනාන්දු ඊයේ (8) රාත්‍රියේදී යළි දිවයිනට පැමිණියාය.

නෙත්මි ජයග්‍රහණය කළ පදක්කම සැලකෙන්නේ එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා මල්ලවපොර ඉතිහාසයේ මෙරට ක්‍රීඩිකාවක් දිනාගත් ඉහළම ජයග්‍රහණය ලෙසිනි.

ලෝක මල්ලවපොර සම්මේලනය විසින් සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා ලොව පුරා රටවල් 100කට අධික ප්‍රමාණයකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600ක් පමණ සහභාගි වූහ.

ඇය, කුරුණෑගල – පන්නල – වෙල්පල්ල සංඝරත්න මහා විද්‍යාලයේ ඉගෙනුම ලබයි.

ස්පාඤ්ඤයේ, පොන්ටෙවෙඩ්පා නගරයේ පැවති මෙම තරගාවලිය වෙනුවෙන් ලෝකයේ රටවල් 100 කට අධික ප්‍රමාණයක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600 කට අධික පිරිසක් සහභාගී වී සිටියහ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *