Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මොළයට හානි කරන තවත් මාරාන්තික වෛරසයක් චීනයෙන් හමුවෙයි

1 month ago 2.4 K

මොළයට හානි කරන නව වෛරසයක් ගැන චීන විද්‍යාඥයින් අනතුරු අඟවනවා.

මෙම වෛරසය හඳුන්වා ඇත්තේ “තෙත් බිම් වෛරසය” ලෙසයි.

නව වෛරසය කිනිතුල්ලන්ගේ දෂ්ටනයෙන් මනුෂ්‍යන්ට ආසාදනය වන බව ඒ අනුව ඔවුන් පෙන්වා දෙනවා. මොළයට හානි කරමින් එම වෛරසය ස්නායු පද්ධතියම අඩපණ කරන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මෙම වෛරසයට මෙතෙක් ප්‍රතිකර්මයක් නොමැති අතර ප්‍රතිජීවක ඖෂධවලින් ද මෙම වෛරසය අඩපණ කළ නොහැකි බව විද්‍යාඥයින් පවසනවා.

චීන විද්‍යාඥයින් මෙම වෛරසය මුලින්ම හඳුනාගෙන ඇත්තේ 2019 දීයි. ඒ උණ, හිසරදය, වමනය ආදී රෝග ලක්ෂණ සහිත රෝගියෙකු ජින්සෝ නගරයෙන් හමුවීමත් සමඟයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *