එංගලන්තය සමඟ පැවැති තෙවන සහ අවසන් ටෙස්ට් ක්රිකට් තරගය කඩුලු 08කින් ජයගැනීමට සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ජයග්රහණය සඳහා ලකුණු 219ක ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා කණ්ඩායම කඩුලු දෙකක් පමණක් දැවි තරගයේ ජය වාර්තා කළා.
එහිදී පැතුම් නිස්සංක නොදැවි ලකුණු 127ක් ලබාගැනීමටයි සමත් වුණේ.
සිය 11වැනි ටෙස්ට් තරගයට ක්රීඩා කළ පැතුම් අද (09) වාර්තාකළේ සිය 2 වන ටෙස්ට් ශතකය යි.
ඔහුට අනගි සහායක් ලබාදුන් ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 32යි.
ඔවුන් දෙදෙනා තුන්වැනි කඩුල්ල සඳහා රැස්කළ ලකුණු ගණන 111කි.
මෙම තරගය ඕවල් ක්රීඩාංගණයේදී පැවැත්වුණි.
තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය 2 – 1ක් ලෙස ජයගැනීමට එංගලන්තය සමත් විය.
මෙය 2014 වසරට පසුව ශ්රී ලංකාව එංගලන්තයට එරෙහිව වාර්තා කළ පළමු ටෙස්ට් ජයග්රහණය ලෙස වාර්තා පොතට එක්වෙයි.
ශ්රී ලංකා නායක ධනංජය ද සිල්වා ගේ ආරාධනයෙන් මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 325 ක් රැස්කළේය.
ඊට පිළිතුරු ලෙස ශ්රී ලංකාව ලකුණු 263ක් රැස්කළේය.
නමුත් එංගලන්ත කණ්ඩායමට සිය දෙවැනි ඉනිම සඳහා ලබාගත හැකිවූයේ ලකුණු 156ක් පමණි.
මෙය ශ්රී ලංකා කණ්ඩායම එංගලන්තයේදී ලැබූ සිව්වන ටෙස්ට් තරග ජයග්රහණයයි.
එමෙන්ම ශ්රී ලංකාව ලන්ඩන් ඕවල් ක්රීඩාංගණයේ ක්රීඩා කළ දෙවන තරගයත් ජයගැනීම විශේෂත්වයක්.
මින් පෙර ශ්රී ලංකාව හා එංගලන්තය අතර ටෙස්ට් තරගයක් පවත්වා තිබුණේ 1998 වසරේ වන අතර එම තරගයද ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.