ලබන සැප්තැම්බර් මස 21 වනදා පැවැත්වෙන මෙරට ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ලෙස ජය ගන්නා තමා නියත වශයෙන්ම ජනාධිපති බවට පත් වන බවත්, ජනාධිපති ධූරයට හිමි වැටුප ලබා නොගන්නා බවත් වත්මන් ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පළ කලේ, වැලිමඩ ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින්.
ජනපතිවරු කියන්නේ ජනතාවට කැපකිරීම් කරන්න කියලා නේ. මම 21 වෙනිදා මේ රටේ පොදු ජනතාව අපිට ඒ වටිනා වරම ලබාදෙනකොට ලොකුම කැපකිරීම කරන්නේ රටේ ජනාධිපති හැටියට සජිත් ප්‍රේමදාසයි.
මම කැපකිරීම් කරලා පෙන්වන්නම්. මම පඩි සහ දීමනා ගන්න ජනපති කෙනෙක් වෙන්නේ නැහැ. මගේ සේවාව මම මාතෘ භූමියට ලබාදෙන්නේ කිසිම වේතනයක් නැතුව.
ජනතා බදු මුදලින් මම වතුර උගුරක්වත් ගන්නේ නැහැ. කෑම එකක්වත් ගන්නේ නැහැ රටේ ජනතාවගේ බදු මුදල්වලින්. මම ස්වේච්ඡා ජනපති කෙනෙක් ලෙස කටයුතු කරනවා.