වතුකම්කරුවන්ගේ අවම දෛනික වැටුප රුපියල් 1,350ක් සහ අමතර දළු කිලෝවක් සඳහා රුපියල් 50ක දීමනාවක් ලබාදීමට පඩි පාලක සභාවේ පැවැති සාකච්ඡාවේදී එකඟ වී තිබෙනවා.
අදාළ සාකච්ඡාවට කම්කරු රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා, වතු හාම්පුතුන් සහ වතු වෘත්තීය සමිති ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙනවා.
ඒ අනුව මෙම තීරණය අද සිට ක්‍රියාත්මක කිරීමට කම්කරු කොමසාරිස්වරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරනවා ඇති.