Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කේට් කුමරිය පිළිකා රෝගයට එරෙහි කිමෝ ප්‍රතිකාර අවසන් කරයි

1 month ago 3.8 K

වේල්සයේ කුමරිය වන කේට් මිඩ්ල්ටන් සිය පිළිකා රෝගය සඳහා වන කිමෝ ප්‍රතිකාරය අවසන් කර තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ කෙංසින්ටන් මාලිගයෙන් නිකුත් කරන ලද වීඩියෝ පටයක් හරහා ඇය පැවසුවේ මෙම අසීරු කාලයේ තමන් සමග කටයුතු කළ සියලුදෙනාට කෘතඥතාවය පළකරන බවයි.

කිමෝ ප්‍රතිකාරයන් අවසන් වීම තමාට මහත් අස්වැසිල්ලක් ගෙන දෙන බවයි ඇය සඳහන් කරන්නේ.

එමෙන්ම පසුගිය මාස 9ක කාලය තමාට මෙන්ම තමාගේ පවුලේ සම්මාජිකයන්ට මහත් දුෂ්කර කාලයක් වූ බව ඒ සඳහන් කර තිබෙනවා.

කිමෝ ප්‍රතිකාර අවසන් කළද තමා තවමත් සම්පූර්ණ සුවය ලබන්න නොමැති බව ඇය පවසනවා.

එම නිසා ඉදිරි මාස කිහිපය තුළ සීමිතව පොදු කටයුතු සඳහා සහභාගි වෙන්න අපේක්ෂා කරන බව ඇය සඳහන් කර සිටියා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *