සැප්තැම්බර් 21 වැනිදායින් පසු ප්‍රධාන මැති ඇමතිවරුන් 80 දෙනෙකු පමණ රට හැර යාමට සුදානම් වන බවට වාර්තා පළ වන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා. ඔහු පවසන්නේ එලෙස මැති ඇමතිවරු රට හැර යන්නේ ඔවුන්ට රනිල් වික්‍රමසිංහ සමඟ ඉදිරියට යා නොහැකි බව අවබෝධ වී ඇති නිසා බවයි.
“මුලදී ඔය ඇමැතිවරු හිටියේ රනිල් වික්‍රමසිංහගේ වේදිකාවේ. දැන් කවුද ඉන්නේ. ඉස්සර මාධ්‍ය ප්‍රකාශකයෝ වගේ හිටපු අය හිටියා. දැන් කවුරුත් නැහැ. ඒ හැමෝම රනිල් වික්‍රමසිංහගේ ඇත්ත ස්වභාවය තේරුම් අරන්. අපිට තියෙන තොරතුරු අනුව ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අහිමි වීම ගැන බොහෝ පසුතැවිලි වෙනවා. ඔවුන්ට අද රනිල් වික්‍රමසිංහ සමඟ ඉදිරියට යා නොහැකි බව අවබෝධ වී තිබෙනවා.
ඔවුන්ගෙන් 80ක් පමණ දැනටමත් වීසා ලබාගෙන. ඔවුන්ට දැන් තේරෙනවා රනිල් වික්‍රමසිංහ තමන්ගේ ආරක්ෂකයා නොවන බව. රනිල් වික්‍රමසිංහ ඔවුන්ව යොදාගෙන කරේ උඩට නැගලා අනුර කුමාරගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බව ඔවුන්ට පැහැදිලියි” රහුමාන් වැඩිදුරටත් පැවසීය.