Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තැපැල් ඡන්දය භාවිතා කිරීම ඉතා ඉහළ අගයක! ඡන්ද වැටුණු ප්‍රතිශතය හරියටම හෙළි කරයි!

1 month ago 12 K

ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද හිමියන්ගෙන් සියයට 98ක් පමණ ඡන්දය භාවිත කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

අද කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ මේ බව සඳහන් කළා.

වැඩි දුරටත් ඔහු සඳහන් කළේ ඉන් වැඩි ප්‍රමාණයක් මේ වන විට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින් වෙත භාර දී ඇති බවයි.

මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා අද (11) සහ හෙට (12) හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

තැපැල් ඡන්ද භාවිතය සඳහා ලබා දී තිබු පසුගිය 4,5 සහ 6 යන දිනවල ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය සේවකයින් සඳහා මෙම දින දෙක තුළ තැපැල් ඡන්ද භාවිත කිරීමට හැකියාව පවතී.

මෙම දෙදින තුළදීත් තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වුවහොත් ඒ සඳහා වෙනත් කිසිදු දිනයක් හෝ ජනාධිපතිවරණය පැවැත්වෙන සැප්තැම්බර් මස 21 වැනිදා හෝ ඡන්දය භාවිත කිරීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *