ශ්රී ලාංකිය සංගීත කලාවට අද්වීතිය නිර්මාණයන් රැසක් දායාද කළ ප්රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ අද (11) අභාවප්රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඒ මහතා 66වන වියේ පසුවිය.
ඒ මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් රාගම රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී අද පෙරවරුවේ මෙලෙස අභාවප්රාප්ත වී තිබෙනවා.
‘අපි කවුරු ද’, ‘අපි සැනසිල්ලේ’, ‘රස්තා’, ‘අළු යට ගිනි’, ‘හීනවලට පණක් තිබෙනවා’, ‘හොඳ ම දේ’ හා ‘සැනසෙන්නම්’ ඇතුළු ගීත ගණනාවක නිර්මාණකරු වන්නේ ඔහුයි.