තරාතිරම නොබලා පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන්ට නිසි දඬුවම් ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කාදිනල් හිමියන්ට පොරොන්දු වී තිබේ.
එමෙන්ම පස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සහන සැලසීම උදෙසා විධිමත්ව පත් කරන ලද අධිකරණ ක්‍රියාදාමයක් වෙනුවෙන් තමා උරදෙන බවත් ඔහු සඳහන් කර තිබෙනවා.
එසේම පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සහන ලබාදීමටත් එහි මහමොළකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් ලබාදීමටත් තමා කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් අවධාරණය කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ අති උතුම් කාදිනල් මැල්කම් රංජිත හිමිපාණන් අතර කොළඹදී අද (11) පැවති හමුවේදී විපක්ෂනායකවරයා මේ බව සඳහන් කර තිබෙනවා.