ජනාධිපති අපේක්ෂකයන් 19 දෙනකු මේ වන විටත් ජනාධිපතිවරණයට අදාළව කිසිදු ප්රචාරක කටයුත්තක් කර නොතිබූ බව තොරතුරු අනාවරණය වී ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා
ලංකාදීප වාර්තා කළේ සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය ඊයේ (10) විශේෂ අධ්‍යයනයක් ආරම්භ කර ඇති බවයි.
ඒ අතරින් ඇතැම් අපේක්ෂකයින් පක්ෂ කාර්යාලයක් හෝ ඉදිකර නැතැයි තොරතුරු අනාවරණය වී ඇති අතර සිය ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම සඳහා ගුවන් කාලය ලබාගෙන ඇත්තේද අපේක්ෂකයන් දස දෙනෙකු පමණක් බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙනවා.
ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇත්තේ මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 38 දෙනෙකු ඉදිරිපත්ව සිටින අතර ඒ අතරින් දැනට ප්රචාරක කටයුතුවල සක්‍රීයව දායකව සිටින්නේ 10 දෙනෙකු පමණක් බව වැඩිදුරටත් සඳහන්.