Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රථවාහන වැරදිවලට දඩ ගෙවන්න ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක්

8 months ago 2 K

රථ වාහන මාර්ග නීති උල්ලංඝණය වූ අවස්ථා වලදී අධිකරණයට ඉදිරිපත් නොකරන වැරදි සඳහා අය කෙරෙන දඩ මුදල් එකතු කිරීමේ ක්‍රම වේදය සහ රියදුරු අවාසි සහගත ලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස ඒකාබද්ධ ඉලෙක්ට්‍රොනික විසඳුමක් හඳුන්වා දීම  සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

රජය පවසන්නේ මෙම ක්‍රමවේදය  හඳුන්වා දීම සඳහා සුදුසු සැපයුම්කරුවෙකු තෝරා ගැනීම පිණිස ද්විත්ව කවර ක්‍රමය යටතේ යෝජනා කැඳවා තිබූ බවයි.

ඒ සඳහා ලංසුකරුවන් 09 දෙනෙකු විසින් යෝජනා ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව,  අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය මත පදනම්ව අදාළ ප්‍රසම්පාදනය Millenium I.T.E.S.P (Pvt) Ltd. and Metropolitan Technologies (Pvt) Ltd. Joint Venture වෙත ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය  බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *