Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සජිත් ප්‍රේමදාසගේ බිරිඳ නිසා ගුවන් හමුදාවට ලෙඩක් වැටෙයි! ගුවන් හමුදා උත්තමාචාර පිදූ කතාවට පිළිතුරු දෙයි!

1 month ago 9.9 K

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය පලාලි ගුවන් හමුදා කඳවුරට ඇතුළු වෙන අවස්ථාවකදී ගුවන් හමුදා නිලධාරීන් විසින් ඇයට ගෞරව ආචාර දක්වන අයුරු දක්වන වීඩියෝවක් පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් මතුව තිබෙනවා.

ජලනි ප්‍රේමදාස මහත්මියට මෙලෙස ආචාර දැක්වීම සම්බන්ධයෙන් ‘ඩේලි මිරර්’ ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් එරන්ද ගීගනගේ මහතාගෙන් විමසීමකදී ඔහු පවසා ඇත්තේ, එලෙස ආචාර කර ඇත්තේ එම අවස්ථාවේදී ජලනි ප්‍රේමදාස මහත්මිය සමඟ පැමිණි පිරිස අතර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජී එල් පීරිස් මහතාට බවයි.

සාමාන්‍ය වශයෙන් මෙලෙස ගෞරව ආචාර දක්වන්නේ රාජ්‍ය නායකයින් වෙත සහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත පමණක් බව සඳහන්.

පලාලි ගුවන් හමුදා කඳවුරේ පැවති උත්සවයක් සඳහා ජලනි ප්‍රේමදාස මහත්මියගේ ප්‍රධානත්වයෙන් අදාළ පිරිස පැමිණ තිබූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්.පීරිස් මහතාද ඇයගේ පිටුපසින් පැමිණෙනු දක්නට ලැබුණා

ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණෙන ඇයට හින්දු ක්‍රමය අනුව විශේෂ සලුවක් උරහිසට දමා පිළිගන්නා විටත් ජී.ඇල්. පීරිස් මහතා ඇයගේ පසුපසින් පැමිණෙන අයුරු දක්නට ලැබෙනවා.

එහිදී එම පිරිසට ගුවන් හමුදාව විසින් ආචාර දක්වා තිබූ අතර අදාළ වීඩියෝව සමඟි ජන බලවේගයේ ආසන සංවිධායකවරයෙකු විසින් ෆේස්බුක් වෙත උඩුගත කර තිබූ අතර මේ වන විට එම වීඩියෝවෙන් අචාර දක්වන කොටස සංස්කරණය කර ඉවත් කර ඇති බවද වාර්තා වෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *