2024 ජනාධිපතිවරණය සඳහා තවත් ඉතිරිව ඇත්තේ දින 10කටත් අඩු කාලයකි.
ජනාධිපතිවරණ ප්‍රතිඵලය පිළිබඳව විවිධ සමීක්ෂණ වාර්තා, අනාවැකි ආදිය පළවෙමින් පවතින පසුබිමක අප අද කතා කරන්න බලාපොරොත්තු වන්නේ පැවති ජනාධිපතිවරණයන්හි ප්‍රතිඵල අධ්‍යයනයෙහිදී අනාවරණය වන සුවිශේෂී කරුණක් පිළිබඳවයි.
ශ්‍රී ලංකාවේ මෙතෙක් ජනාධිපතිවරණ 8ක් පවත්වා ඇති අතර මෙරට ඡන්ද කොට්ඨාස (ආසන) 160ක් ඇත.
එම ජනාධිපතිවරණයන් 8හි ප්‍රතිඵල අධ්‍යයනයේදී ඡන්ද කොට්ඨාස ආසන 8ක ප්‍රතිඵලවල යම් සුවිශේෂීත්වයක් ඇත.
ඒ පැවති සෑම ජනාධිපතිවරණයකදීම මෙම ආසන 8 ජයගන්නා පුද්ගලයා ජනාධිපතිවරණය ජය ගෙන තිබීම හේතුවෙනි.
නමුත් ඇතැම් අවස්ථාවන්හිදී අනෙකුත් ආසන පරාජයට පත්වන අපේක්ෂකයින් පවා ජනාධිපතිවරණය ජය ගැනීමට සමත්ව ඇත.
ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කරන පුද්ගලයා පිළිබද අදහසක් ලබා ගැනීමට මෙම ආසන 8හි ප්‍රතිඵලය දෙස අවධානය යොමු කිරීම වැදගත් වේ.
එම ආසන 8 පහතින්.
1.මොරටුව
2. රත්මලාන
3. ජා-ඇල
4. කටාන
5.මාවතගම
6.පොලොන්නරුව
7.මින්නේරිය
8.මැදිරිගිරිය
2015 ට පෙර එවැනි ආසන 44ක් තිබී ඇති අතර නමුත් එවර මැතිවරණයේ ප්‍රතිඵලය සමඟ එම ආසන සංඛ්‍යාව 8 දක්වා අඩු වී ඇත.
ඊට හේතුව වූයේ ග්‍රාමීය ආසන රැසක් ජය ගැනීමට එවර මහින්ද රාජපක්ෂ සමත් වුවද අවසාන ප්‍රතිඵලයට අනුව ඔහුට පරාජාය අත්වීමයි.