හම්බන්තොට සිරිබෝපුර ප්රදේශයේ පැවති ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ජන හමුවකට ගල් ප්රහාරයක් එල්ල වී තිබෙනවා.
එහිදී රැස්වීමට පැමිණ සිටි ළමයකු තුවාල ලබා හම්බන්තොට දිස්ත්රික් මහ රෝහලට ඇතුළත් කළ බව හම්බන්තොට පොලිසිය පවසයි.
ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ සහභාගි වීමට නියමිතව තිබුණද එම සිදුවීම සැලවීමෙන් පසුව ඔවුන් ඊට සහභාගී වී නැත.
එම ගල් ප්රහාරයෙන් තුවාල ලැබූ දරුවාගේ සුවදුක් බැලීමට ශිරන්ත රාජපක්ෂ රෝහලට ගොස් ඇත.
රැස්වීම් භූමියට ගල් ප්රහාර තුනක් පමණ එල්ල වී ඇතැයිද පොලිසිය පවසයි.