ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව අහිමි වන බව පවසමින් විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙනවා.
මානව හිමිකම් කොමසාරිස් ජනරාල් නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, පැෆ්රල් සංවිධානය මගින් අදාළ පැමිණිල්ල කොමිසමට යොමු කර ඇති බවයි.
යාපනය, රුහුණ සහ කැලණිය විශ්වවිද්‍යාලවල සිසුන් පිරිසකට එලෙස ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වන බවට නිරීක්ෂණය වී තිබෙනවා.
මානව හිමිකම් කොමිසම පෙන්වා දෙන්නේ ලබන සිකුරාදා දිනයේත් දවස පුරා අධ්‍යන කටයුතු පැවැත්වීම හේතුවෙන් දුරස්ථව පදිංචි වී සිටින සිසුන් අදාළ ගැටලුවට මුහුණ පෑමේ අවදානමක් පවතින බවයි.
මෙම ගැටලුකාරී තත්වයට විසඳුම් ලබා දීම සඳහා විශ්වවිද්‍යාල කුලපතිවරුන් සමග සාකච්ඡා පවත්වන බව නිමල් පුංචිහේවා මහතා තවදුරටත් පවසා තිබෙනවා.