සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳව පැවැති නඩු විභාගය අද (12) සමථයට පත් වූ බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ, ඉදිරිපත්ව ඇති අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇති සමථ කොන්දේසි අනුව ක්‍රියාකළ යුතු බවයි.
එය ක්‍රියාත්මකවීමේ ස්වභාවය අනුව අවශ්‍ය වුවහොත් අදාල පාර්ශවයන්ට මෝසමක් මාර්ගයෙන් නැවත නඩුව ආපසු කැඳවීමට අයිතිය ඇති බව ද අදාළ නියෝගයේ සඳහන්.
ඒ අනුව එම කරුණු මත නඩුව බහා තබන බව අධිකරණය විසින් ප්‍රකාශයට පත් කළ බවයි, අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ.
ඒ අනුව සංවර්ධන නිලධාරින් 16,000ක් පමණ ඉදිරියේදී ගුරු සේවයට බඳවාගැනීමට නියමිතයි.
2019 වර්ෂයේදී රජයේ පාසල්වලට පුහුණුවීම සඳහා අනුයුක්ත කළ උපාධිධාරි සංවර්ධන නිලධාරීන් 7,000ක් පමණ ගුරු සේවයට බඳවාගෙන ඇති බව එම අමාත්‍යංශය පසුගියදා ප්‍රකාශ කළා.
එම කාලයේ දී රජයේ පාසල්වලට පුහුණුවීම සඳහා අනුයුක්ත කළ උපාධිධාරි සංවර්ධන නිලධාරීන් සංඛ්‍යාව 23,000ක් බව වැඩිදුරටත් සඳහන්.