Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බිත්තර හා කුකුළු මස් මිල පහළට

1 month ago 5.7 K

මේ වනවිට රට තුළ කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය ස්වයංපෝෂිත මට්ටමට පැමිණ ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ පසුගිය 10 වනදා පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්.

මේ වනවිට රටේ දෛනික බිත්තර නිෂ්පාදනය මිලියන 07-08 දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම දෛනික බිත්තර පරිභෝජනය ද ඊට සමාන ප්‍රමාණයකින් වර්ධනය වී තිබේ. දෛනිකව රටට අවශ්‍ය බිත්තර සමස්ත ප්‍රමාණයම රට තුළ නිපදවීමට හැකිවී ඇති බැවින් අද දිනය වන විට බිත්තර මිල ගණන් රුපියල් 38-42 දක්වා වූ මට්ටමට අඩු වී ඇත.

එමෙන්ම කුකුළු මස් නිෂ්පාදනය ද ඉහළ ගොස් ඇති අතර මේ වනවිට රට තුළ කුකුළුමස් අතිරික්ත නිෂ්පාදනයක් දක්වා වර්ධනය වී තිබේ. දෛනික කුකුළු මස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 500ක් පමණ වුවද, දෛනික කුකුළු මස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 600ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මීට මාස කිහිපයකට පෙර රුපියල් 65ක් දක්වා වැඩි වූ බිත්තර මිල රුපියල් 38-42 දක්වා අඩුවීම මෙන්ම කුකුළු මස් කිලෝව රුපියල් 1750 සිට මේ වනවිට රුපියල් 850-975 දක්වා ප්‍රමාණයට අවම වී තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *