ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා සීමිත පන්දුවාර තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නම් කර තිබෙනවා.
ක්‍රීඩිකාවන් 16 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ, මනුධි නානයක්කාරටයි.
එමෙන් ම හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන්ගේ දියණිය වන ලිමන්සා තිලකරත්න ද කණ්ඩායමට කැඳවා තිබීම විශේෂත්වයක්.
මෙම තුන්කොන් තරගාවලිය ලබන 20 ඔස්ටේලියාවේදී වනදා ආරම්භ වීමට නියමිතයි.