ආගරපතන ප්රදේශයේ වතු නිවාස පේළියක් අසල ත්රීරෝද රථයක තිබී හමු වු බිළිදිය වයරකින් ගෙල සිර කර ඝාතනය කර ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.
එම වතුයායේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ ත්රිරෝද රථයෙන් දුර්ගන්ධයක් හමා ඇති අතර ඒ සම්බන්ධයෙන් එම ත්රිරෝද රථයේ රියැදුරුගේ මව පරික්ෂා කර බැලීමේ දී බිළිදියගේ සිරුර පෙරේදා හමුවී තිබුණා.
ඒ අනුව සිදු කළ පැමිණිල්ලකට අනුව 28 හැවිරිදි එක්දරු පියෙකු වන ත්රිරෝද රථ රියදුරු මෙන්ම 24 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගනු ලැබුවා.
සිදු කළ ප්රශ්න කිරීම් වලදී අදාළ කාන්තාව පවසා ඇත්තේ සැකකාර රියදුරු සහ තමන් අතර අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් මාවනැල්ල ප්රදේශයේ නිවසකදී බිළිදිය බිහි කළ බවයි.
එම නිවසේ සේවය කරන තම සොහොයුරියගේ සහය ඇතිව බිළින්දියගේ ගෙල සිර කර ඝාතනය කර සිරුර සැගවීම සදහා ත්රිරෝද රථ රියදුරා සමග ආගරපතන්ත ප්රදේශයට පැමිණි බව සැකකාර කාන්තාව පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා.
එහිදී අත්අඩංගුවට ගත් ත්රිරෝද රථයේ රියැදුරා පොලිසියට පාපොච්චාරණය කර ඇත්තේ, අලුයම් කාලයේ සිරුර වල දැමීමට සැලසුම් කර තිබූ බව ත් ඊට ප්රථම තම මව සිරුර දැක අසල්වාසීන්ට දැනුම් දීම නිසා සිරුර වල දැමීමට නොහැකි වූ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ආගරපතන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.