සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වූ වහාම 5 ශ්‍රේණිය දරුවන්ගේ ශිෂ්‍යත්ව විභාගය නැවත පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.
ඊයේ(17) කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු මේ බව පැවසුවා.
ප්‍රශ්න තුනක් පමණක් ගෙන දරුවන්ට අසාධාරණයක් කිරීමට ඉඩ නොදෙන බව මන්ත්‍රීවරයා පැවසුවා.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ,
“මේ රටේ ලක්ෂ ගණනක් ඉන්න පහේ ශිෂ්‍යත්වේ ලියන දරුවන්ට කියනවා, පුතේ. ලබන 22 සජිත් ප්‍රේමදාස මැතිතුමා යටතේ පහේ ශිෂ්‍යත්වෙට අලුත් ප්‍රශ්න පත්‍රයක් ගහලා ඔබට සාධාරණය ඉෂ්ට කරන වැඩේ අපේ ආණ්ඩුවක් යටතේ අපි කරනවා.”