සියලුම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල දෙවැනි මනාපය ගණන් කිරීම සදහා ද අවශ්‍ය කටයුතු වහාම සූදානම් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට සහ ප්‍රාදේශීය මැතිවරණ ප්‍රධානීන්ට ලිපියක් යවමින් දැනුම් දී ඇති බව වාර්තා වනවා.
ඒ අනුව දෙවැනි මනාපය ගණනය කිරීම සඳහා අමතර නිලධාරීන් සූදානම් කර ගැනීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරු සහ ප්‍රාදේශීය මැතිවරණ ප්‍රධානීහු කටයුතු කරමින් සිටිති.
පසුගිය 10 වැනිදා මැතිවරණ කොමිෂන් සභාවේ පැවති සාකච්ඡාවේදීද ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් තේරීම් භාර නිළධාරීන්ට උපදෙස් දී ඇති බව සඳහන්.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී සිදුකෙරෙන අතර ඡන්ද ගණනය කිරීමේ කටයුතු මධ්‍යස්ථාන 1274කදී සිදු කිරීමට නියමිතයි.
මේ අතර ඡන්දය ගණන් කිරීමේ ස්ථානවල ආරක්ෂාවට පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ද යෙදවීමට කටයුතු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.