Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය

4 weeks ago 6.6 K

ජාතික මැතිවරණයන්හි අවසන් ප්‍රතිඵලය කෙරෙහි බලපෑම් එල්ල කරන තීරණාත්මක දිස්ත්‍රික්කයක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කය හඳුන්වාදෙන්න පුලුවන්. කොළඹ දිස්ත්‍රික්කය ඡන්ද බල ප්‍රදේශ 13කින් සමන්විතයි. මෙවර ජනාධිපතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කය තුළින් ඡන්දය භාවිතා කිරීම සඳහා 1,881,129 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරන ලද බණ්ඩාරනායකවරුන්ගේ දේශපාලන නිජබිම ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍රය කරගනිමින් පැවති හෙයින් අතීතයේ සිටම පැවති මැතිවරණවල දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලකොටුවක් බවට මෙම දිස්ත්‍රික්කය පත් වුණා. එම නිසාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වාමාංශික කඳවුරෙන් ජනාධිපතිවරයෙකු තේරී පත්වුණු සෑම අවස්ථාවක දී ම ජයග්‍රාහී අපේක්ෂකයාට ගම්පහ දිස්ත්‍රික්කයෙන් විශාල වැඩි ඡන්ද ප්‍රමාණයක් හිමිව තිබිම විශේෂත්වයකි.

ගම්පහ දිස්ත්‍රික්කයට අයත්වන ආසන හා ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවන්

1976 වසරේ දී නොයෙල් තිත්තවැල්ල කොමිසම ඉදිරිපත් කළ සීමා නිර්ණයෙන් පසුව ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන බෙදී ගියේ පහත ආකාරයටයි.

1) වත්තල – 140,312
2) මීගමුව – 116,798
3) කටාන – 170,300
4) දිවුලපිටිය – 122,872
5) මීරිගම – 139,871
6) මිනුවන්ගොඩ – 155,419
7) අත්තනගල්ල – 152,170
8) ගම්පහ – 169,510
9) ජා-ඇල – 165,989
10) මහර – 175,110
11) දොම්පේ  – 133,081
12) බියගම – 141,857
13) කැලණිය – 97,840

වත්තල ආසනය 

සාම්ප්‍රදායික වශයෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට වාසිදායක වන මෙම ආසනය ඔවුන් 1982, 1988, 2005, 2015 සහ 2019 ජනාධිපතිවරණවල දී ජයග්‍රහණය කළා. නමුත් ගම්පහ දිස්ත්‍රික්කයට විශේෂ උරුමයක් තිබුණු චන්ද්‍රිකා බණ්ඩාරනායක තරග කළ 1994 සහ 1999 ජනාධිපතිවරණවල දී වත්තල ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට හැකි වුණා. එසේම 2010 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂට ද වත්තල ජයග්‍රහණය කිරීමට අවස්ථාව ලැබුණා.

මීගමුව ආසනය 

ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කඳවුරට වඩාත්ම වාසිදායක ආසනය මෙයයි. නමුත් මෙම ආසනය 1994 සහ 1999 වසරවල පැවැත්වුණු ජනාධිපතිවරණවලදී  චන්ද්‍රිකා බණ්ඩාරනායක ජයග්‍රහණය කිරීමට සමත් විය.

කටාන ආසනය 

සෑම විටම ජන රැල්ල හමන දිසාව අනුව කටාන ආසනයේ ප්‍රතිඵලය තීරණය වී ඇති බව පසුගියේ ප්‍රතිඵල විශ්ලේෂණයේදී අපට දැකගත හැකිය. පැවති සෑම ජනාධිපතිවරණයකදීම ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ අපේක්ෂකයා විසින් මෙම ආසනය ජය ගෙන ඇත. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කඳවුර 1982,1988 හා 2015 යන ජනාධිපතිවරණවලදීද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කඳවුර 1994, 1999, 2005, 2010 හා 2019 යන ජනාධිපතිවරණයන්ද ජය ගෙන ඇත.

දිවුලපිටිය ආසනය 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලේ බලකොටුවක් වන දිවුලපිටිය ආසනය ඔවුන් පරාජයට පත් වී ඇත්තේ 1982 ජනාධිපතිවරණයේ දී පමණ යි.

මීරිගම ආසනය 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලේ බලකොටුවක් වන මෙම ආසනයද ඔවුන් පරාජයට පත් වී ඇත්තේ 1982 ජනාධිපතිවරණයේ දී පමණයි.

මිනුවන්ගොඩ ආසනය 

මෙම ආසනය එක්සත් ජාතික පක්ෂය ජය ගෙන ඇත්තේ 1982 පැවති ජනාධිපතිවරණයේදී පමණක් වන අතර ඉතිරි සෑම ජනාධිපතිවරණයකදීම මෙම ආසනයේ ජය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වමේ කඳවුරට හිමිවිය.

අත්තනගල්ල ආසනය 

අත්තනගල්ල ආසනය යනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපත සිදුවුණු ස්ථානය යි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලම බලකොටුවක් වන අත්තනගල්ල මේ දක්වා පැවති සෑම ජනාධිපතිවරණයක දී ම ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි.

ගම්පහ ආසනය 

පැවති සෑම ජනාධිපතිවරණයකදීම ගම්පහ ආසනයේ ජයග්‍රහණය තමන් සතු කරගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල සමත් විය.

ජා-ඇල ආසනය 

කටාන ආසනය මෙන් සෑම විටම ජන රැල්ල හමන දිසාව අනුව ජා-ඇල ආසනයේ ප්‍රතිඵලය තීරණය වී ඇති බව පසුගියේ ප්‍රතිඵල විශ්ලේෂණයේදී අපට දැකගත හැකිය. පැවති සෑම ජනාධිපතිවරණයකදීම ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ අපේක්ෂකයා විසින් මෙම ආසනය ජය ගෙන ඇත. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කඳවුර 1982,1988 හා 2015 යන ජනාධිපතිවරණවලදීද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කඳවුර 1994, 1999, 2005, 2010 හා 2019 යන ජනාධිපතිවරණයන්ද ජය ගෙන ඇත.

මහර ආසනය 

1982න් පසු පැවති ජනාධිපතිවරණ 7දීම මෙම ආසනය ජය ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහාය දුන් අපේක්ෂකයාට හකි විය. 1982 දී මෙම ආසනයේ තියුණු තරාගයක් පැවති අතර ජේ. ආර්. ජයවර්ධන මෙය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 273කින්.

දොම්පෙ ආසනය 

ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඇති ආසනවලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩාත්ම වාසිදායක ආසන තුනෙන් 1ක් වන දොම්පේ, සෑම ජනාධිපතිවරණයක දී ම ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ පිලයි.

බියගම ආසනය 

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සිය දේශපාලන දිවිය ආරම්භ කළේ බියගම ආසනය කේන්ද්‍ර කරගනිමින්. 1982 සහ 1988 ජනාධිපතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල ජයග්‍රහණය කළ බියගම ආසනය ඉන්පසුව පැවති ජනාධිපතිවරණ 6 දීම ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලයි.

කැලණිය ආසනය 

කටාන සහ ජා-ඇල මෙන්ම කැලණිය ආසනයත් ජනරැල්ල හමන දිසාව ජයග්‍රාහකයා තීරණය වන ආසනයක්. 1982 පැවති ජනාධිපතිවරණය හැරැණු විට මේ දක්වා පැවති සෑම ජනාධිපතිවරණයක දී ම ජයග්‍රාහී අපේක්ෂකයාගේ පාර්ශවය මෙම ආසනය ජයග්‍රහණය කර තිබේ. 1982 ජනපතිවරණයෙන් ශ්‍රිලනිප අපේක්ෂකයා පරාජයටා පත්ව තිබුණද මෙම ආසනයේ ජය එවර ඔවුනට හිමිව තිබේ.

1982 ජනාධිපතිවරණය

1988 ජනාධිපතිවරණය

1994 ජනාධිපතිවරණය

1999 ජනාධිපතිවරණය

2004 ජනාධිපතිවරණය

2010 ජනාධිපතිවරණය

2015 ජනාධිපතිවරණය

2019 ජනාධිපතිවරණය

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *