Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය

4 weeks ago 4.7 K

අතීතයේ සිටම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලේ බලකොටුවක් ලෙසින් පැවතුණු නුවරඑළිය දිස්ත්‍රික්කය ආසන 4කින් සමන්විත යි. නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් ආසන අතුරින් නුවරඑළිය-මස්කෙළිය ආසනයට සුවිශේෂී ස්ථානයක් හිමිවන්නේ එය ලංකාවේ වැඩිම ඡන්ද දායකයන් සිටින ආසනය නිසා යි. නමුත් බොහෝ අවස්ථාවල දී එම ආසනයේ වාසිය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට හිමිවුණු නිසාම මෙතෙක් පැවති ජනාධිපතිවරණ 7න් 6කදීම නුවරඑළිය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලයි. 

නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත්වන ආසන හා ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවන්

1976 වසරේ දී නොයෙල් තිත්තවැල්ල කොමිසම ඉදිරිපත් කළ සීමා නිර්ණයෙන් පසුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආසන බෙදී ගියේ පහත ආකාරයටයි.

1) නුවරඑළිය-මස්කෙළිය ආසනය – 347,646
2) කොත්මලේ ආසනය – 88,219
3) හඟුරන්කෙත ආසනය – 78,437
4) වලපනේ ආසනය – 90,990

නුවරඑළිය-මස්කෙළිය ආසනය 

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ ඇති ආසන අතුරින් වැඩිම ලියාපදිංචි ඡන්ද දායකයින් පිරිසක් සිටින්නේ නුවරඑළිය-මස්කෙළිය ආසනය තුළ යි. අතීතයේ සිටම එක්සත් ජාතික පක්ෂයේ බලකොටුවක් වුණු නුවරඑළිය-මස්කෙළිය ආසනය ඔවුන් පරාජයට පත්වුණේ 1994 ජනාධිපතිවරණයේදී පමණි. 2005 සහ 2015 ජනාධිපතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලේ සහාය ලැබුණු අපේක්ෂකයා මෙම ආසනය වැඩි ඡන්ද ලක්ෂයකට අධික ප්‍රමාණයකින් ජයග්‍රහණය කළ බව මෙහි දී විශේෂයෙන්ම සඳහන් කළ යුතු යි.

කොත්මලේ ආසනය 

නුවරඑළිය-මස්කෙළිය ආසනය මෙන්ම කොත්මලේ ආසනයත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල පරාජයට පත්වුණේ 1994 ජනාධිපතිවරණයේ දී පමණි.

හඟුරන්කෙත ආසනය 

මුල් යුගයේ දී එක්සත් ජාතික පක්ෂයට වාසිදායක වුණු හඟුරන්කෙත ආසනය පසු කලෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වාසිදායක වුණා. එම නිසාම ඔවුන් 1994, 1999, 2010, 2015 සහ 2019 ජනාධිපතිවරණවල දී හඟුරන්කෙත ආසනය ජයග්‍රහණය කළා. එජාප කඳවුරට මෙහි ජයා හිමි වූයේ 1982, 1988 සහ 2005 යන වර්ෂවල පැවති ජනාධිපතිවරණයන්හිදී පමණි.

වලපනේ ආසනය 

එක්සත් ජාතික පක්ෂයට වඩාත් හිතකර ආසනයක් වුණු වලපනේ ඔවුන් පරාජයට පත්වුණේ 1994 සහ 2010 ජනාධිපතිවරණවල දී පමණයි.

ජනාධිපතිවරණවල දී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉරණම විසඳුණු අයුරු 

නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් වන ආසන හතරෙන් විශාලම ආසනය වන නුවරඑළිය-මස්කෙළිය ආසනයේ සිටින ඡන්ද දායකයන්ගේ ප්‍රමාණය සෙසු ආසන 3හිම සිටින මුළු ඡන්ද දායකයන්ගේ ප්‍රමාණයටත් වඩා වැඩියි. එම නිසාම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජයග්‍රාහකයා තීරණය වන්නේ නුවරඑළිය-මස්කෙළිය ආසනයේ ඡන්ද ප්‍රතිඵලය මත යි. එක්සත් ජාතික පක්ෂය 1994 ජනාධිපතිවරණයේ දී පමණක් නුවරඑළිය දිස්ත්‍රික්කය  පරාජයට පත්වුණා. එවර එක්සත් ජාතික පක්ෂය නුවරඑළිය දිස්ත්‍රික්කය පරාජයට පත්වුණේ පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක නුවරඑළිය-මස්කෙළිය ආසනය ජයග්‍රහණය කිරීම හේතුවෙන්.

1982 ජනාධිපතිවරණය

1988 ජනාධිපතිවරණය

1994 ජනාධිපතිවරණය

1999 ජනාධිපතිවරණය

2005 ජනාධිපතිවරණය

2010 ජනාධිපතිවරණය

2015 ජනාධිපතිවරණය

2019 ජනාධිපතිවරණය

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *