කතරගම, වැඩිසිටි කන්ද මාර්ගයට ආසන්නයේ සුරාසැලක් නැවත විවෘත කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් කතරගම ප්‍රදේශයේ විහාරස්ථානවල සියලුම දහම් පාසල් වසා දැමීමට කතරගම ශාසනාරක්ෂක බල මණ්ඩලය තීරණය කර තිබෙනවා.
පසුගියදා කතරගම ප්‍රදේශයේ මහා සංඝ රත්නය විසින් විරෝධතාවයක නිරත වීමෙන් පසුව සුරාසැල වසා දැමීමට පියවර ගත්තේය.
කෙසේවෙතත් ඊයේ(23) එය නැවත විවෘත කිරීම නිසා මෙම තීරණය ගත් බවයි කතරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය කපුගම සරණතිස්ස හිමියන් සඳහන් කළේ.