එළඹෙන මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීමේ කාලය අද (25) සිට ආරම්භ කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා පවසනවා.
මහමැතිවරණය නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා නාම යෝජනා භාර ගැනීම ඔක්තෝබර් මස 04 වැනිදා සිට ඔක්තෝබර් මස 11 වැනිදා දහවල් 12 දක්වා සිදු කරනු ලබනවා.
නව පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වැනිදා රැස්වීමට නියමිතයි.