Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වේගය පාලනය කර ගත නොහැකිව නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරලෙයි

6 months ago 16.9 K

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද (25) අලුයම දියවන්නා වගුරු බිමට පෙරළී ගොස් ඇතැයි වැලිකඩ පොලිසි පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේදී ආරක්ෂක ලේකම් එච්. එස්. එස්. තුයිය කොස්තා මහතා එම රථයේ සිට නැතැයි පොලිසිය සඳහන් කරයි.

එහි රියදුරු වන යුද හමුදා සෙබළා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අමාත්‍යාංශයේ සිට ආරක්ෂක ලේකම්වරයාව රැගෙන ඒම සඳහා කියැන්හැම් හන්දියේ සිට පොල්දූව දෙසට ධාවනය වෙමින් තිබියදී පාර්ලිමේන්තු ප්‍රධාන පිවිසුම වම් පස දියවන්නා වගුරු බිමට පෙරළී මෙම අනතුරු වී ඇතැයි පොලිසිය කියයි.

වේගය පාලනය කර ගත නොහැකිව මෙම අනතුර සිදුවී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනතුරින් අත්අඩංගුවට ගත් රියදුරුට කිසිදු තුවාලයක් සිදුවී නැත. අනතුරින් ඩිපෙන්ඩර් රථයට බරපතල අලාභ සිදුවී ඇත.

ඔහු මත්පැන් පානය කර සිටියාද යන්න දැන ගැනීම සඳහා අධිකරණ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක අනුරාධ මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජි මහේෂ් මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

(source – newsi)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *