පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් රැසකගේ තනතුරුවල මාරුවීමක් ඉදිරි දිනවලදී සිදුවීමට නියමිතව ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියේ වැඩබලන පොලිස්පතිවරයෙකුද පත් කිරීමට නියමිත බවයි.
ඒ සඳහා නම් කිහිපයක් යෝජනා වී ඇති අතර ඒ අතරින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ලලිත් පතිනායකට හෝ ප්‍රියන්ත වීරසූරියට යන අයගෙන් එක් අයෙකුට එම තනතුර හිමිවීමේ වැඩි ඉඩකඩක් පවතින බව සඳහන්.