මෙරට රන් වෙළඳපොළේ රන් අවුන්සයක මිල අද (25) සටහන් වූයේ රුපියල් 811,051 ක් ලෙස ය.
එය ඊයේ (24) දිනයට සාපේක්ෂව රුපියල් 9,587 ක වැඩිවීමකි.
ඒ අනුව කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 28,610 ක් ලෙස සටහන් විය.
එමෙන්ම, කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 26,230 ක් සහ රුපියල් 25,040 ක් ලෙස සටහන් වේ.
තවද, කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 228,900 ක් ලෙස ය.
කෙසේ වෙතත්, කැරට් 22 පවුමක් රුපියල් 209,850 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 200,300 ක් ලෙසත් සටහන් විය.