පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් නවක මන්ත්‍රිවරු 85 දෙනකුට පමණ විශ්‍රාම වැටුප් හිමිකම අහෝසි වී ඇතැයි වාර්තා වේ.
මෙසේ විශ්‍රාම වැටුප් අහිමි වීමට නියමිතව ඇත්තේ ඉකුත් 2020 වසරේ දී පැවති මහ මැතිවරණයේදී ප්‍රථම වතාවට තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකටයි.
ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුව පෙරේදා විසුරුවා හැරීම නිසා 2020 මහ මැතිවරණයෙන් තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන්ගේ ධුර කාලය වසර 05 ක් ඉක්මවා නොගොස් ඇති නිසා ඔවුන්ට මෙලෙස විශ්‍රාම වැටුප් අහිමි වී ඇති බව සඳහන්.
සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ වැටුපෙන් (රුපියල් 54385) තුනෙන් එකකට එනම් රුපියල් 18125ක මුදලට, තවත් රුපියල් 25,000ක දීමනාවක් එක්වීමෙන් මන්ත්‍රී විශ්‍රාම වැටුප සැකසෙයි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ලැබෙන විශ්‍රාම වැටුප රුපියල් 43095කි.
රුපියල් 25000ක දීමනාව පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුපට එක්වූයේ හිටපු කතානායක කරූ ජයසූරිය මහතාගේ කාලයේදීය.
පාර්ලිමේන්තු වාර දෙකක් සම්පූර්ණ කරන මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප රුපියල් පනස් පන් දහසක් පමණ වෙයි.