ඉදිරි සති දෙකක කාලය තුළ දී කුකුළු මස් කිලෝවක මිල රුපියල් 100-150ත් අතර මුදලකින් අඩු විය හැකි බව සමස්ත ලංකා කුඩා කර්මාන්ත හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.
ඒ මේ වනවිට වෙළෙඳපොළේ කුකුළු මස් සඳහා පවතින ඉල්ලුම විශාල ලෙස අඩු වීම හේතුවෙන්.
කුකුළු මස් කිලෝවක සිල්ලර මිල මේ වන විට රුපියල් 1000-1100ත් අතර මිලක පවතින බවත්, ඉදිරි දෙසතියේ දී මෙම මිල රුපියල් 900-850ත් අතර මිලක් දක්වා අඩු විය හැකි බවත් සඳහන්.