ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ඉල්ලා අස්වී තිබේ.
හෙට (27) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ලිපියක් මගින් ඔහු මෙම ඉල්ලා අස්වීම යොමුකර ඇති බවයි වාර්තා වෙන්නේ.
දෙසැම්බර් 31වැනිදා දක්වා හිඟයකින් තොරව ගෑස් පවතින බවයි ඔහු වැඩිදුරටත් එහිදී සඳහන්කර සිටියේ.
මුදිත පීරිස් මහතා ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු ආරම්භ කළේ, 2022 වසරේ ජුනි මාසයේ 13 වනදාය.