Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අධ්‍යාපන අමාත්‍ය හරිනිගෙන් පෙරළිකාර තීරණයක්!

3 weeks ago 21.4 K

ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර පිටවීම හේතුවෙන් දරුවන්ට සිදු වූ අසාධාරණයට වහාම සාධාරණය ඉටුවිය යුතු බවත්, පිට වූ ප්‍රශ්න පිලිබඳ පුර්ණ විමර්ශන වාර්තාවක් ස්වාධීන විශේෂඥයින්ගේ දායකත්වයෙන් සිදු කර සිය අවධානයට යොමු කරන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසීය.

ඊයේ (26) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ සියලු අංශවල නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

‘පාසල් අධ්‍යාපනය සංවර්ධනය කිරීම වත්මන් රජයේ පුමුඛ අරමුණක්. අපේ රජය යටතේ අධ්‍යාපනය සඳහා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කිරීමට අපි තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය සහ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති වී තිබෙන අවිශ්වාසය නැති කිරීමට මේ ආයතන කටයුතු කළ යුතුයි. විශේෂයෙන් විභාග පැවැත්වීම හා ප්‍රථිපල ලබාදීම කඩිනම් කරන්න. ගුරු පුරප්පාඩු පිරවීමේදී නිසි ක්‍රම වේදයක් මගින් සිදු විය යුතුයි. ජනතාව තුල විශ්වාසය ඇති වන පරිදි විනිවිද භාවයෙන් පුරප්පාඩු පිරවීම සිදු කරන්න වෙනවා. පාසල් පැත්තෙන් මට පොඩි යෝජනාවක් තියෙනවා ඒක එක පාර කරන්න බැරි වුණත් පාසල්වලින් මට වාර්තා වෙනවා මානසික සෞඛ්‍ය මානසික අසහන පිළිබඳ ප්‍රශ්න. මේ ගැන අපි මැදිහත් වෙන්නම ඕන. අපි තේරුම් ගන්න ඕන එකක් තියෙනවා. මේ පරපුර කොවිඩ් වලටත් මුහුණ දුන්නා. ඒ වගේම මහජන නියෝජිතයින් පාසල්වලට ගෙන්වීම නතර කරන්න”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *