Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සුපිරි තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අල් හසන් තරග ආකෘති දෙකකට සමුදීමට තීරණය කරයි

9 months ago 1.6 K

බංග්ලාදේශ සුපිරි තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අල් හසන් තමන් ජාත්‍යන්තර පන්දුවාර 20 ක්‍රිකට් දිවියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නිමා වූ පන්දුවාර 20 ලෝක කුසලානය තමන් ක්‍රීඩා කළ අවසන් ජාත්‍යන්තර පන්දුවාර 20 තරගාවලිය බවයි ශකීබ් පවසන්නේ.

ඔහු ජාත්‍යන්තර විස්සයි 20 තරග 129කදී බංගලාදේශ කණ්ඩායම නියෝජනය කරමින් ලකුණු 2551ක් රැස් කර ඇති අතර බිඳ හෙලා ඇති කඩුළු සංඛ්‍යාව 149ක්.

එමෙන්ම ශකීබ් අල් හසන් වැඩිදුරත් පවසන්නේ ලබන ඔක්තෝබර් මාසයේදී දකුණු අප්‍රිකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයෙන් පසු තමන් ටෙස්ට් දිවියට ද සමුදීමට බලාපොරොත්තු වන බවයි.

ඒ අනුව ඔහු ඉදිරියේදී ජාත්‍යන්තර එක්දින තරග පමණක් ක්‍රීඩා කිරීමට සැලසුම් කර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *