දේශපාලනික අවශ්‍යතා මත නීතියට පටහැනිව මත්පැන් බලපත්‍ර ලබාදීම සම්බන්ධව චෝදනා එල්ල වී තිබෙන සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළම තනතුරක් දරන නිලධාරියකු විදෙස්ගත වීමට සූදානම් වන බව එම දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
නව රජයේ දූෂණ විරෝධි වැඩපිළිවෙළ යටතේ දැනටමත් ඔහු සම්බන්ධ වංචා සහ දූෂණ රැසක් පිළිබඳ අවධානය යොමුවීම ඊට හේතුව වී තිබේ.
සුරාබදු නීතිවලට පටහැනිව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව සුරාබදු දෙපාර්තමේන්තුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මත්පැන් හල් හිමියන් විසින් ගොනුකළ නඩුවක් ද පවතින අතර සුරාබදු දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙලෙස සිය අභිමතය පරිදි අසීමිත ලෙස මත්පැන් බලපත් නිකුත් කිරීම සඳහා මෙම නිලධාරියා විසින් අල්ලස් ලබාගෙන ඇති බවයි.
එමෙන්ම ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් වංචාව මගින් රජයට බදු මුදල් අහිමි කිරීම සම්බන්ධවද ඉදිරියේ පැවැත්වෙන විමර්ශන මගහැර යෑම සඳහා ඔහු මෙසේ සූදානම් වන බව සුරාබදු වෘත්තිය සමිති ආරංචි මාර්ග සඳහන් කරයි.