ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග දෙකකින් යුතු ටෙස්ට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අදයි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට කඩුළු 5ක් දැවී ලකුණු 602ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 88 ක් පමණි.
ඒ අනුව නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව පළමු ඉනිම රැස්කළ ලකුණු 602ට වඩා ලකුණු 514ක් පසුපසින් සිටියි.
මෙය ඉතිහාසගත වුයේ කණ්ඩායම් දෙකෙහිම පළමු ඉනිම් දිවිත්වය අවසානයේදී කණ්ඩායමක් විසින් වැඩිම ලකුණු පරතරයක් තබාගත් සිව්වන ටෙස්ට් තරගය ලෙසයි.
මෙහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරිය ලකුණු 42කට කඩුලු 06ක් බිඳ දැමීමට සමත් විය.
ප්‍රබාත්ට අමතරව සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩාකරන නිශාන් පිරීස් ලකුණු 33කට කඩුලු 03ක් දවාගත්තේය.
නවසීලන්ත ඉනිමේ ඉහළම ඉනිම වූයේ මිචෙල් සැන්ට්නර් රැස්කළ ලකුණු 29 පමණි.
එය ශ්‍රී ලංකාව හමුවේ නවසීලන්ත කණ්ඩායම ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාවද වෙනවා.