Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාසල් සිසුන්

පාසල්වල උත්සව සඳහා මුදල් එකතු කිරීම තහනම්! අධ්‍යාපන අමාත්‍යංශයේ නවතම නිවේදනය මෙන්න!

8 months ago 13.5 K

පාසල්වල ලෝක ළමා දිනය හා ගුරු දිනය ඇතුළු විවධ උත්සව සැමරීම සඳහා මව්පියන්ගෙන් මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් විවිධ පැමිණිලි අධ්‍යාපන අමාත්‍යංශය වෙත නිරන්තරයෙන් වාර්තා වන බව අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ජේ. එම්. තිලකා ජයසුන්දර සඳහන් කරනවා.

මේ හේතුවෙන් මව්පියන් හා සිසුන් පීඩාවට පත්වන බවයි ලේකම්වරිය සඳහන් කරන්නේ.

එමෙන්ම ඒ හෙතුවෙන් ගුරුවරුන් මෙන්ම විදුහල්පතිවරුන්ද විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවන බවයි ලේකම්වරිය සඳහන් කරන්නේ.

ඇය වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ මෙවැනි තත්ත්වයන් ඇති නොවීමට විදුහල්පතිවරුන් වග බලා ගත යුතු බවයි.

එමෙන්ම මෙවැනි උත්සව පැවැත්වීම සඳහා මව්පියන්ගෙන් මුදල් එකතු කිරීම සිදු නොකළ යුතු බවටයි පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාස අධ්‍යක්ෂවරුන්, රජයේ හා අනුමත පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරුන් සහ පරිවේණාධීපති හිමිවරුන්ට ලිපියක් යොමු කරමින් ලේකම්වරිය වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *