Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හිටපු ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න රටින් පනී ?

7 months ago 10.1 K

තමා විදේශගතවී ඇති බවට පැතිර යන තොරතුරුවලට හිටපු ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රතිචාර දක්වා ඇත.

ඔහු එහි තබා ඇති සටහන පහතින් දැක්වේ.

“සියලුදෙනාගේ දැනගැනීම පිණිස මෙසේ දැනුම් දීමට සිතුවෙමි. විශ්‍රාම ගැනීමෙන් පසු මා විදෙස්ගත වූ බව හුවා දක්වමින් මා පිළිබඳ සමාජ මාධ්‍ය ජාලා තුල හුවමාරු වන අසත්‍ය තොරතුරු දැකීමෙන් මෙවැනි සටහනක් තැබීමට අවශ්‍ය වූ බව පළමුවෙන් කිව යුතුය.

ආරක්ෂක ලේකම්වරයා වශයෙන් මා හට පැවරී තිබූ වගකීම් සියල්ල මාගේ උපරිම කැපවීමෙන් සිදු කල බව මාගේ විශ්වාසයයි. තිස් වසරක යුද්ධය අවසන් කොට නිදහස් සාමකාමී රටක් නිර්මාණය කිරීම සදහා මෙන්ම ආරක්ෂක ලේකම්වරයා වශයෙන් වැඩ භාරගැනීමෙන් අනතුරුව පසුගිය සමයේ රට තුල ඇති වූ විවිධ අභියෝගාත්මක අවස්ථා වලදී ශ්‍රී ලංකා මාතාවගේ සහ සුවහසක් ලක්වාසී ජනතාවගේ සාමය හා ආරක්ෂාව සදහා මාගේ සේවය ලබාදීමට හැකිවීම පිළිබඳ මා හට ඇත්තේ නිහතමානී ආඩම්බරයකි.

නව රජය පිහිටුවීමෙන් පසු මා රට හැර ගොස් නැති බවත් මාගේ ආදරණීය මාතෘ භූමිය හැර යාමට කිසිදු අදහසක් මා තුල නැති බවත් කිව යුතුය.

ආරක්‍ෂක ලේකම්වරයා වශයෙන් සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු මා හට මාගේ පවුලේ ආදරණීයයන් සමඟ සිටීමටත් සාහිත්‍ය කටයුතුවල නියැලීමටත් මට වැඩි කාලයක් ලැබී තිබේ.

මා පිළිබඳ වැරදි කටකතා පතුරුවන සියලුදෙනාගේ දැනගැනීම පිණිස කීමට ඇත්තේ මා ඉපදුණු හැදුනු වැඩුනු දිවිහිමියෙන් සටන් කොට රැකගත් මේ ලක් භූමියේදීම මාගේ මරණයද සිදුවනු ඇති බවයි.

එමෙන්ම මා පිළිබඳ තවදුරටත් සැක ඇති කවරෙකු හෝ වේ නම් අද සහ හෙට දෙදින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේදී කැමති ඕනෑම අයෙකුට පැමිණ මා එහිදී හමුවිය හැක.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *