Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අනියම් ඇසුර මරණයෙන් කෙළවර වෙයි

7 months ago 11.4 K

තම බිරිඳ සමඟ අනියම් සම්බන්ධතාවක් පැවැත්වූ පුද්ගලයා ඝාතනය කළ සැමියෙකු වාරියපොල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (27) රාත්‍රියේ වාරියපොල පොලිස් වසමේ වල්පාලුව ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ සොරෙකු අල්ලාගෙන ඇති බවට 119 තොරතුරු මධ්‍යස්ථානයට ලැබුණු තොරතුරක් මත වාරියපොල පොලීසිය එහි ගොස් ඇති බව සඳහන්.

පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේ දී එම පුද්ගලයා මියගොස් ඇති බවයි නිරීක්ෂණය වී ඇත්තේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 33ක් වූ සුන්දරගම, අවුලේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු, සැකකරුගේ බිරිඳ සමඟ අනියම් සම්බන්ධතාවක් පත්වාගෙන ගොස් ඇති බවත්, මරණකරු සැකකරුගේ නිවසට පැමිණි අවස්ථාවක සැකකරු නිවසේ සැඟව සිට මිටියකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බව විමර්ශණයේ දි අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.

මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිත ආතර, ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 36ක් වන බිරිඳගේ ස්වාමි පුරුෂයා අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *