Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තෙවැනි දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකා කණ්ඩායමට

7 months ago 1.9 K

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්‌වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දින තරගය අයහපත් කාලගුණය හේතුවෙන් නියමිත වේලාවට පෙර අවසන් කිරීමට සිදුවිය.

අද දිනය සඳහා තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්ත කණ්ඩායම කඩුලු 05ක් දැවි ලබා සිටි ලකුණු සංඛ්‍යාව 199ක්.

ඒ අනුව ඉනිමක පරාජයෙන් බේරීමට ඔවුන් තවත් ලකුණු 315ක් ලබාගත යුතු වනවා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 05ක් දැවි ලකුණු 602ක් රැස්කරගත්තා.

එහිදී කමිදු මෙන්ඩිස් ලකුණු 182ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 106ක් නොදැවි ලබාගත්තා.

එමෙන්ම දිනේෂ් චන්දිමාල් ලකුණු 116ක්, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 88ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 44ක් රැස්කරගැනීමටයි සමත් වුණේ.

පන්දුයැවීමේදී ග්ලේන් පිල්ප් කඩුලු 03ක් දවාගත්තා.

ඊට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 88ක් පමණයි.

එහිදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් මිචෙල් සැන්ටර් ලකුණු 29ක්, ඩ්‍රැයල් මිචෙල් ලකුණු 13ක් සහ රවීන් රවීන්ද්‍රන් ලකුණු 10ක් රැස්කරගත්තා.

වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කර යාමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය ලකුණු 42කට කඩුලු 06ක් බිඳහෙළුවා.

නවසීලන්ත කණ්ඩායම මෙරට තුළ ටෙස්ට් තරගයකදී රැස්කළ අවම ලකුණු සංඛ්‍යාව ලෙසයි මෙම ලකුණු 88 සැලකෙන්නේ.

මීට පෙර ඔවුන් රැස්කරගෙන තිබූ අවම ලකුණු සංඛ්‍යාව 102ක්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *