Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සුපිරි බොලිවුඩ් නළු ගෝවින්දාට වෙඩි වැදෙයි

9 months ago 6.7 K

වෙඩි වැදීම හේතුවෙන් ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී ගෝවින්දා රෝහල් ගත කර තිබේ.

ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ අද (01) උදෑසන සිය නීත්‍යානුකූල රිවෝල්වරය අත්වැරදීමකින් ක්‍රියාත්මක වී ඔහුගේම පාදයට වෙඩි වැදී ඇති බවය.

වෙඩි වැදීමෙන් ඔහුගේ පාදයේ දණහිසට පහළින් තුවාල වී ඇති අතර පැයක පමණ කාලයක් පුරා සිදුකළ ශල්‍යකර්මයකින් පසුව ඔහුගේ පාදයෙන් වෙඩි උණ්ඩය ඉවත් කර ඇති බව වාර්තා වේ.

වෛද්‍යවරු පවසා ඇත්තේ මේ වනවිට ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත් දින කිහිපයක් රෝහල් ගතව ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව ඔහුට රෝහලෙන් පිටව යා හැකි බවත්ය.

මේ වන විට 60 වැනි වියේ පසු වන ගොවින්දා බොලිවුඩ් සිනමාවේ Hero No.1 ලෙස අනුවර්ථ නාමයෙන් ද හඳුන්වනු ලබයි.

1986 වසරේදී ඉන්දීය සිනමාවට පිවිසෙන ගොවින්දා මේ වන විට සිනමාපට 150කට පමන සිය රංගයෙන් දායක වී ඇති බව සඳහන් වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *