පාකිස්තාන එක්දින සහ 20යි 20 කණ්ඩායම්වල නායකත්වය දැරූ බාබර් අසාම් නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.
සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ, සිය පිතිකරණය සඳහා වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.
මේ සම්බන්ධයෙන් පාකිස්තාන ක්රිකට් බලධාරීන්ට පසුගිය මස දැනුම්දුන් බවයි ඔහු පවසන්නේ.
පසුගිය වසරේ ඉන්දියාවේ පැවති එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ඔහු පළමුවරට නායකත්වයෙන් ඉල්ලා අස්විය.
නමුත් මාස 4කට පසුව ඔහුට එක්දින සහ 20යි 20 කණ්ඩායම්වල නායකත්වය පැවරීය.