Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනපති අනුරට මෝදිගෙන් ආරාධනයක්

7 months ago 4.6 K

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පහසු දිනයක ඉන්දියාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ආරාධනා කර තිබේ.

ඉන්දීය අගමැතිවරයා වෙනුවෙන් එම ආරාධනය ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා විසින් සිදුකර ඇත.

මේ අතර නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියව හමුවී තිබේ.

සංචාරය අතරතුර එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ද හමුවී සාකච්ඡා කර පවත්වා ඇත. 

නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා එරට ගුවන් හමුදාවට අයත් විශේෂිත ගුවන් යානයකින් අද (04) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියේය.

මෙරට 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව මෙරටට පැමිණි ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රිකයා වන්නේ ජයශංකර් මහතාය.

මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අද දහවල් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාව ද හමුවුණි.

එස්. ජයශංකර් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූයේ ජනාධිපති කාර්යාලයේදීය. 

ජනාධිපති අනුර දිසානායක හමුවීමෙන් අනතුරු ජයිශංකර් මහතා X පණිවිඩයක් තබමින් පවසා සිටියේ, ඉන්දු –  ශ්‍රී ලංකා සබඳතා සඳහා අනුර කුමාර දිසානායක මහතාගේ මඟපෙන්වීම අගය කරන බවය.

එමෙන්ම දෙරටේ ජනතාවගේ යහපත වෙනුවෙන් පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරගන්නා ආකාරය පිළිබඳව නායකයින් දෙපොළ මෙහිදී සාකච්ඡා කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *