Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අලුත් ආණ්ඩුවේ පත්කිරීමක් නිසා සමාජ මාධ්‍යයේ දැඩි විරෝධයක්! විරෝධය හමුවේ ආණ්ඩුව තීරණය රිවස් කරයි!

1 month ago

වැඩබලන පොලිස්පතිවරයා නිකුත් කළ ලිපියට අනුව මහජන සාමය කළමනාකරණ කොට්ටාශයේ වැඩබලන අධ්‍යක්ෂකවරයා ලෙස පත්කළ අජන්ත රොද්‍රිගු නම් පොලිස් අධිකාරීවරයාගේ පත්විම අවලංගු කර තිබෙනවා.

ඒ අනුව අජන්ත රොද්‍රිගු නම් පොලිස් අධිකාරීවරයාව විශේෂ රාජකාරි පදනම ක්ෂේත්‍ර බලකා මුලස්ථානය වෙත අනුයුක්ත කර තිබෙනවා.

මෙම පත් කිරිම සම්බන්ධයෙන් බොහෝ පිරිසකගේ මෙන්ම සමාජ මාධ්‍ය තුළද දැඩි අප්‍රසාදයක් එල්ල වුණා.

අජන්ත රොද්‍රිගෝ යනු 2023 මාර්තු 07 වනිදා කොළඹ විශ්ව විද්‍යාලය තුළට අනීතීක ලෙස කදුළු ගෑස් ගසා සිසුන්ට ශාරිරික හානිකල පොලිස් මර්දන ක්‍රියාවට අණ දුන් පොලිස් නිලධාරියා වනවා.

එම ප්‍රහාරයට පසුදින ශ්වසන අපහසුවක් හේතුවෙන් රෝහල් ගත කළ විශ්ව විද්‍යාලයේ ආරක්ෂක නිලධාරී වන්නිනායක මහතා මියගිය අතර ඊට අදාළ පරීක්ෂණ කටයුතු මේ වන තෙක් අවසන්ව නැහැ.

විරෝධතා විසුරුවා හැරීමට පැමිණි මෙම පොලිස් නිලධාරියා වඩාත් කුප්‍රකට වූයේ අතින් කඩන ලද කඳුළු ගෑස් කැනිස්ටර විරෝධතාවයේ නිරත පිරිස් වෙතට එල්ල කිරීම හේතුවෙන්.

තවද 2023 වර්ෂයේ පෙබරවාරි 03 වැනිදා මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසළ සිදුකළ සාමකාමී සත්‍යග්‍රහය විසුරුවා හැරීමට පොලීසිය ප්‍රහාරයක් එල්ල කළ අතර අජන්ත රොද්‍රිගෝ සිදුකළ පහරදීමෙන් සමාජ ක්‍රියාකාරී විදර්ශන කන්නංගර මහතාගේ අතෙහි අස්ථි බිදීමක් සිදුවුණා.

මීටත් අමතරව මෙම පොලිස් නිලධාරියා අධිකරණයට අසත්‍ය ප්‍රකාශ කළ බවට තහවුරු කල නිලධාරියෙක්ද වනවා.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ එවක කැඳවුම්කරු වු වසන්ත මුදලිගේ මාස ගණනාවක් ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ සිරකිරීම සඳහා පොලිස් අධිකාරී රෝද්‍රිගෝ විසින් අසත්‍ය කට උත්තරයක් ලබාදී ඇති බවට අධිකරණය ඉදිරියේ ඔප්පු වූවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *