ජාතික ජන බලවේගයේ විධායක සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා ඊයේ (03) මාධ්‍ය හමුවක් පවත්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් සමඟි ජන බලවේගය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක තනතුර දරමින් සිදුකළ සේවය දැන හෝ නොදැන මෙවැනි ප්‍රකාශයක් හරහා ජන මනස විකෘති කිරීමට උත්සාහ කිරීම ගැන කණගාටුව පළ කරන බවයි එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ.
එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා ලෙස ගත් ක්‍රියාමාර්ග තුළින් රටක් ලෙස ශ්‍රී ලාංකාවත්, එහි ලක්ෂ 220ක ජනතාවත් ධනාත්මක ප්‍රතිලාභ මේ මොහොතේ පවා භුක්ති විඳින බවද එම නිවේදනයේ දක්වා තිබෙනවා.
එම නිවේදනය පහතින්.