ජනාධිපතිවරණ කාලසීමාවේ තාවකාලිකව අත්හිටුවා තිබූ සියලු කාර්යයන් යලි ආරම්භ කිරීමට අනුමැතිය ලබා දීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොහොර හා ධීවර සහනාධාර මෙන්ම වැඩිකළ විශ්‍රාම වැටුප ද ගෙවිය හැකි බවයි එම කොමිසම සඳහන් කළේ.
පසුගිය ජනාධිපතිවරණ කාලසීමාවේදී මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම නතර කිරීමට මැතිවරණ කොමිසම තීරණය කළේ එම යෝජනා ක්‍රියාත්මක කිරීම මඟින් ඇතැම් දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන බව සඳහන් කරමින්.
ජනාධිපතිවරණය අවසන් වී ඇති බැවින් එම කාර්යායන් ක්‍රියාත්මක කිරීමට යළි අනුමැතිය අවශ්‍ය නොවන බවයි මැතිවරණ කොමිෂන් සභාව අදාළ නිවේදනය මගින් පෙන්වා දී ඇත්තේ.