ඉන්දීය ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරයක් වන ‘TATA සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා මිය ගිය බව එම සමාගම ඊයේ (09) නිවේදනය කරනු ලැබුවා.
ඔහු වසර 20 කට වැඩි කාලයක් ටාටා සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.
අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් පසුගියදා ඔහුව මුම්බායි නුවර රෝහලකට ඇතුළත් කර තිබුණු අතර එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස මියගොස් තිබේ.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 86කි.
ටාටා සමූහය 1868 දී ආරම්භ කරන ලද ඉන්දියාවේ විශාලතම සන්නාම රැසකට හිමිකම් කියන සමූහ ව්‍යාපාරයක් වන අතර ඒ අතරට TATA, TITAN, TAJ, JAGUAR, LAND ROVER සහ Starbuks වැනි සන්නාමයන්ද ඇතුළත්.
වර්ෂ 2005 දී, ඔහු Forbes හි වසරේ ආසියානු ව්‍යාපාරිකයා ලෙස නම් කරන ලදි.