Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුවෙන් සුබ ආරංචියක්

7 months ago 6.3 K

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය වී ඇති බව ලෝක බැංකුව පවසයි.

ඒ අනුව 2024දී ආර්ථික වර්ධනය 4.4% දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවත් එය පෙර පුරෝකථනයන් අභිබවා යාමක් බවත් ලෝක බැංකුව පැවසීය.

කර්මාන්ත හා සංචාරක අංශ මඟින් දැක්වූ දායකත්වය මුල් කරගත් කාර්තු හතරක් පුරා සිදු වී ඇති ආර්ථීකයේ අඛණ්ඩ වර්ධනය මෙන්ම, තීරණාත්මක ව්‍යුහාත්මක සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ මත මෙම ධනාත්මක ඉදිරි දැක්ම ගොඩ නැගී ඇති බව ලෝක බැංකුව පවසයි.

අද නිකුත් කරන ලද ලෝක බැංකුවේ අර්ධ – වාර්ෂික ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම (Sri Lanka Development Update), අනාගතය සඳහා විවෘත කිරීම (Opening up to the Future) යන වාර්තාව මඟින් ඒ බව සඳහන් කර ඇත.

රටෙහි අවදානමට ලක්විය හැකි සීමාවක පවතින සාර්ව ආර්ථික ස්ථායිකරණය පවත්වා ගැනීම රඳා පවතින්නේ සාර්ථක ණය ප්‍රතිව්‍යුහගත කිරීම, මධ්‍ය කාලීන ආර්ථික වර්ධනය වැඩි කිරීම සහ දුප්පත්ත්කම අඩු කිරීම සඳහා ක්‍රියාත්මක කරන අඛණ්ඩ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මත බව ලෝක බැංකුව පෙන්වා දෙයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *